මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (සිලින්ඩරය) ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන වෙත ලබා නොදෙනලෙස හිටපු මැති ඇමතිවරුන්ගෙන් සමන්විත ‘පොදුජන එක්සත් නිදහස් සන්ධානය’ (කුසලාන) හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (සිලින්ඩරය) නායකයා වන අතර එම පෙරමුණ පාර්ශව හතරකින් සමන්විත වේ.
ඒ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, හිටපු මැති ඇමතිවරුන්ගෙන් සමන්විත ‘පොදුජන එක්සත් නිදහස් සන්ධානය’ (කුසලාන) හා ලන්සා – අනුරයාපා ගෙන් සමන්විත නව සන්ධානය එම පාර්ශව හතරයි.
පොදුජන එක්සත් නිදහස් සන්ධානය’ (කුසලාන) නායකයා වන්නේ දිනේෂ් ගුණවර්ධනයි.
මෙම මහ මැතිවරණයේදී ‘සිලින්ඩරය’ ලකුණ යටතේ තරඟකළ ‘කුසලානය’ සන්ධානයේ රෝහිත අබේගුණවර්ධන සහ අනුරාධ ජයරත්න පාර්ලිමේන්තුවට පත්ව ඇත.
එම ඡන්ද ප්‍රතිපලයට අනුව තම සන්ධානයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමිවිය යුතුබව ‘කුසලානය’ සන්ධානයේ ස්ථාවරය වී ඇත.
කෙසේවුවද දිනේෂ් ගුණවර්ධන පසුගිය මැතිවරණයේදී තම කණ්ඩායමේ අපේක්ෂකයින්ට කිසිඳු ආකාරයේ සහයක් නොදුන් බැවින් ඔහුට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් නොදිය යුතුබව මහින්දානන්ද අලුත්ගමගේ, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, කාංචන විජේසේකර, ප්‍රසන්න රණතුංග වැනි හිටපු මැති ඇමතිවරුන් දැඩි බලපෑමක් එල්ලකරමින් සිටින බව ද වාර්තාවේ.