දුම්රියේ ගමන්ගත් තරුණියක් අද (12) උදෑසන හපුතලේ දුම්රිය ස්ථානයේ දී ඇද වැටීමෙන් බරපතළ තුවාල ලබා තිබෙනවා.
ඒ අනුව ඇල්ල ප්‍රදේශයේ සංචාරයක් සඳහා ඇය ඇතුළු 18 දෙනෙකු පැමිණෙමින් සිටියදී උදෑසන 6.30ට පමණ හපුතලේ දුම්රිය ස්ථානයේ දුම්රිය නැවැත්වු අවස්ථාවේ දී ඉන් බැස ඇති අතර, නැවත දුම්රිය ගමන්ගන්නා අවස්ථාවේ දී එයට ගොඩවීමට යාමේදී තරුණිය ඉන් ඇද වැටී ඇති බවයි සඳහන් වෙන්නේ.
අනතුරට ලක්වූ තරුණියව කඩිනමින් ප්‍රතිකාර සඳහා දියතලාව මුලික රෝහලට ඇතුළත් තිබෙනවා.
හපුතලේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.
Hi there, You have done a great job. I will certainly digg it and personally recommend to my friends. I am sure they will be benefited from this site.