10 වැනි පාර්ලිමේන්තුවේ අභිනව සභා වාරය ලබන 21 වැනිදා පැවැත්වෙයි.

එදින පාර්ලිමේන්තුවේ ප්‍රධාන වගකීම් පැවරෙන්නේ, පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වෙතයි.

පළමු සභා වාරයේදී මන්ත්‍රීවරුන් සඳහා අසුන් පැනවීමක් සිදුවන්නේ නැහැ.

ඒ අනුව රිසි අසුනක මන්ත්‍රීවරුන්ට අසුන් ගත හැකි ය.

සභාවේ කටයුතු ආරම්භ වන්නේ, සෙංකෝලය සභා ගර්භයේ තැන්පත් කිරීමෙන් අනතුරුවයි.

පළමුව නව කතානායකවරයා තෝරා පත් කර ගැනීම සිදුවෙයි.

පළමුව කතානායකවරයා දිවුරුම් දීම පාර්ලිමේන්තු සම්ප්‍රදායකි.

මන්ත්‍රීවරුන් දිවුරුම් දීම සිදුවන්නේ, ඉන් අනතුරුවයි.

නියෝජ්‍ය කතානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපති ‍තෝරා පත්කර ගැනෙන්නේ, පාර්ලිමේන්තු ඡන්දයෙන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here