මිරකල් ඩෝම්, 2024 නොවැම්බර් 24 වන දින : දශක හතරකට අධික කාලයක් පුරාවට ක්‍රිස්තියානි දේව සේවයේ යෙදී සිටින ජාත්‍යන්තරව පිළිගත් අන්තර් රාජ්‍ය සංවිධානයක් වන ඇමරිකා එක්සත් ජනපදයේ ගෝලීය අපෝස්තලික දියෝකීසී ධර්මාධිකාරී (පූජක) සභාව විසින්, අද දින අතිගරු අති උතුම් මහාචාර්ය දිවැසිවර ජෙරෝම් ප්‍රනාන්දු මැතිතුමා රදගුරු පදවියේ කැපකර අභිසෙස් කරවන ලදී. මෙම සුවිශේෂී අභිසෙස් උත්සවයේ පෙරමුණ ගත්තේ අති උතුම් අතිගරු ආචාර්ය මධූ ක්‍රිෂාන් මැතිතුමා විසිනි. ඔහු මෙම අපෝස්තලික දියෝකීසි සභාවේ ප්‍රධාන අපෝස්තලික සහ එහි මුල් පියා ලෙසද අද දින මහාචාර්ය දිවැසිවර ජෙරෝම් ප්‍රනාන්දු මැතිතුමා අභිෂේක ගැන්වීමේ නියමුවා ලෙසද මූලිකත්වය ගනු ලබයි. එලෙසම මෙම උත්සවයේ අනෙකුත් මුලසුන හොබවනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ රදගුරු සහ උතුරු ඇමරිකාවේ ඇස්ටෙකා විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අති උතුම් අතිගරු ආචාර්ය ලක්ෂ්මන් මදුරසිංහ මැතිතුමා විසිනි. මෙම අභිසෙස් උත්සවය සුප්‍රසිද්ධ කටුනායක මිරකල් ඩෝම් හි දී පවත්වන ලදී. අතිගරු අති උතුම් ආචාර්ය දිවැසිවර ජෙරෝම් ප්‍රනාන්දු මැතිතුමා හට ඇමරිකා එක්සත් ජනපදයේ ඇමරිකන් විශ්ව විද්‍යාලය විසින් පිරිනමනු ලබන දේව ධර්මය පිළිබඳ ආචාර්ය උපාධියද පිරිනමන ලදී. එය පිරිනමනු ලැබුවේ එම විශ්ව විද්‍යාලයේ සභාපති සහ ප්‍රධාන පූජ්‍ය අතිගරු අති උතුම් මහාචාර්ය ආචාර්ය මදු ක්‍රිෂාන් විසිනි.
ඇමරිකා එක්සත් ජනපදයේ ගෝලීය අපෝස්තලික දියෝකීසිය සහ ඊට අනුබද්ධිත සභාවන්, නිත්‍යානුකූල ලියාපදිංචි කර ඇත. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් රජයේ යටතේ 501 ( c ) (3) සහ IRS USA ෆෙඩරල් බදු වලින් නිදහස් කර ඇති අතර, වසර 99 ක කාලයක් සඳහා එය වලංගු වේ. එය, ඇමරිකා එක්සත් ජනපදයේ AUGP ගෝලීය සාම පදනමේ සුභාරංචිය හා සම්බන්ධ ආත්මික අංශයද වේ. ගෝලීය අපෝස්තලික දියෝකිසිය රටවල් 120ක පූර්ණ සුභාරංචි සභා 20000ක පැතිරී ඇති අතර, අගරදගුරුවරුන් සහ සෙනට් සභා සාමාජිකයින් ඒ රටවල් 120 පුරා විසිරී සිටින මිලියන 5කට අධික ලොවපුරා පැතිරී සිටින සාමාජිකයන්ගේ අවශ්‍යතා සපුරාලනු ලබති. පළමු ශතවර්ෂයේ අපෝස්තලික සභාව සහ පූර්ණ සුභාරංචි බයිබලානුකූල මූලධර්ම සහ ඉගැන්වීම් සහිත විශාලතම ස්වාධිනව සංස්ථාපිත නිකායක් ලෙස මෙය හැඳින්විය හැක. දිවැසිවර අතිගරු අති උතුම් ආචාර්ය ජෙරෝම් ප්‍රනාන්දු, රදගුරු පදවිය සඳහා අබිෂේක කරන ලද්දේ, ස්වාමීන් වහන්සේගේ සේවය සඳහා ඔහු දක්වන අඛණ්ඩ කැපවීම සහ ලොවපුරා ක්‍රිස්ත්‍රියානි ධර්මයේ පණිවුඩය ප්‍රචලිත කිරිමට ඔහු දැක්වූ විශිෂ්ඨ දායකත්වය හේතුවෙනි.
අතිගරු අති උතුම් මහාචාර්ය දිවැසිවර ජෙරෝම් ප්‍රනාන්දු 2016 දී සිය ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධිය සම්පූර්ණ කළ අතර උතුරු ඇමරිකාවේ කීර්තිමත් Azteca විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක්ද ලබා ගත්තේය. ඔහු යුනෙස්කෝ ලැයිස්තුගත සහ UGC පිළිත් Azteca විශ්ව විද්‍යාලයෙන් කළමණාකරණය සහ ජාත්‍යන්තර නායකත්වය පිළිබඳ ආචාර්ය උපාධියක්ද ලබා ගත්තේය. නායකත්ව ක්ෂේත්‍රයේ වසර ගණනාවක ගැඹුරු අධ්‍යනයෙන් සහ ඉගැන්වීමේ පළපුරුද්දෙන් පසුව එතුමා ජාත්‍යන්තර නායකත්වය පිළිබඳ සිය ආචාර්ය උපාධි පර්යේෂණය සම්පූර්ණ කළේය. Azteca විශ්ව විද්‍යාලය ලොවපුරා ශාඛා විශ්ව විද්‍යාල සහ සිසුන් 25000කට අධික ප්‍රමාණයක් සහිතය. එය TRACCERT මඟින් (කැනඩාවේ පුහුණු ප්‍රතීතන සහ සහතික කිරීමේ සංවිධානය, AAAC හි සාමාජික සහ කැනඩා රජය සමග ලියාපදිංචි වූ පුහුණු ප්‍රතීතන සහ සහතික කිරීමේ සංවිධානය) පිළිගෙන ඇති විශ්ව විද්‍යාලයකි. Azteca විශ්ව විද්‍යාලය ISO 9001:2015 සහ ISO29990: 2010 සහතික කර ඇති ජාත්‍යන්තරව පිළිගත් මහාචාර්යවරුන්ගේ සහ පර්යේෂකයන්ගේ පීඨයකින් සමන්විත වේ. විශ්ව විද්‍යාලය IAU – UNESCO (එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය) නාමාවලියෙහි ද ලයිස්තුගත කර ඇත.
ඔහුගේ බොහෝ ඇගයීම් වලට අමතරව, අතිගරු අති උතුම් ආචාර්ය ජෙරෝම් ප්‍රනාන්දු මැතිතුමා හට, ජාත්‍යන්තර මනව හිමිකම් ගෝලීය මෙහෙවර විසින් Miracle Power Prophet of Oracle සම්මානය දේව ධර්මය වෙනුවෙන් සහ සමාජ සේවය උපහාරයක් ලෙස කුසලතා සහතිකයක් පිරිනමන ලදී. එසේම එතුමා දූත මණ්ඩලයේ අධ්‍යක්ෂකවරයකු ලෙසද කටයුතු කරනු ලැබේ.
එසේම ඔහු, 2024 වර්ෂයේදී මානව විශිෂ්ඨතා රන් සම්මානය හිමි කර ගත් අතර, එක්සත් ජාතීන්ගේ ගෝලීය සාමය සඳහා වූ විශ්ව විද්‍යාලය විසින් සාම තානාපතිවරයකු ලෙසද එතුමාව පිළිගෙන ඇත. AUGP ගෝලීය සාම පදනම Inc යටතේ ක්‍රියාත්මකවන AUGP UN විශ්ව විද්‍යාලය විසින් මෙම සම්මානය ප්‍රදානය කරන ලදී. මෙම විශ්ව විද්‍යාලය කිර්තිමත් විද්‍යාඥයින්, වෛද්‍යවරුන්, විද්වතුන්, සමාජ ක්‍රියාකාරීන්, විශ්‍රාමික විනිසුරුවන් ඇතුළු කැපවු වෘත්තිකයන්ගෙන් සහ ශාස්ත්‍රාලිකයන්ගෙන් සමන්විත වේ. විශ්‍රාමික IAS, IPS නීතීඥයන්, කාදිනල්වරුන්, අපොස්තුළුවරුන්, ගුරුවරුන්, විශ්‍රාමික මහාචාර්යවරුන් සහ විද්වතුන්, වරලත් ගණකාධිවරුන් සහ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් දිව්‍ය ප්‍රතිපත්ති අනුව ක්‍රියා කරමින් ගෝලීය සාමය සහ විශ්ව සහෝදරත්වය ස්ථාපිත කිරීමේ අරමුණින් එක්ව සම්බන්ධ වී කටයුතු කරන මූලස්ථානයක් හා වැනි විශ්ව විද්‍යාලයක් ලෙස ද සැලකිය හැකිය. AUGP, ජාත්‍යන්තර සබඳතා පිළබඳ ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලය සමග අනුබද්ධව ඇත. AMDM – IR USA සහ ADM – WP USA. AUGP ප්‍රඥප්තිය යටතේ ඇමරිකානු විශ්ව විද්‍යාලය විසින් ප්‍රදානය කෙරේ. එය එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන වැනි IGO සමග ලියාපදිංචි වී ඇත. UN විශ්ව විද්‍යාලය සාමා තානාපති සම්මානය පිරිනමනු ලැබුවේ එහි එක් අත්සන් පාර්ශ්වකරුවෙකු ලෙස ඇල්බේනියාවේ රාජ්‍ය තාන්ත්‍රික දුත මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙකුද සිටියි. සාම තානාපතිවරුන්ට එක්සත් ජාතීන්ගේ ලියාපදිංචි හැඳුනුම්පතක් ලැබෙන අතර ඔවුන් අතිගරු ලෙස නම් කරනු ලැබේ.
ඇමරිකා එක්සත් ජනපදයේ ගොර්ඩන් – කොන්වෙල් දේවධර්ම විද්‍යාලයට අනුබද්ධ The Asian Access School Theology හි දේවධර්ම අධ්‍යාපනය සම්පුර්ණ කිරීමෙන් පසු, අතිගරු අති උතුම් ආචාර්ය දිවැසිවර ජෙරෝම් ප්‍රනාන්දු මැතිඳුන් එක්සත් ජනපදයේ Osborne Institute දේව ධර්ම විද්‍යාලයේ කුලපති ලෙසද පත් කරන ලදී. ඔහු එක්සත් රාජධානියේ ලන්ඩන් දේවධර්ම විද්‍යාලයේ ආරාධිත කථිකාචාර්යවරයෙකු වන අතර ඇමරිකා එක්සත් ජනපදයේ ඇන්ඩෘෘ වොමැක් සේවයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ චැරිස් බයිබල් විද්‍යාලයේ සහකාර දේව සේවකයකුය ද වෙයි.
අතිඋතුම් අතිගරු ආචාර්ය දිවැසිවර ජෙරෝම් ප්‍රනාන්දු යනු ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි 10000 කට අධික පිරිසක් සිටින ශ්‍රී ලංකාවේ විශාලතම සහ වේගයෙන් වර්ධනය වන සභාවේ ප්‍රධානියා වේ. මේ සභාවේ මේ වන විට රටවල් ………….. ශාඛා ඇත. තවත් ……… ප්‍රමාණයක් සතිපතා මාර්ගගත ක්‍රමය ඔස්සේ සම්බන්ධ වේ. ඔහු ඇදහිල්ල පදනම් කරගත් ප්‍රකාශන 10කට වඩා ලියා ඇති දක්ෂ කතුවරයෙකි.
අති උතුම් අතිගරු ආචාර්ය දිවැසිවර ජෙරෝම් ප්‍රනාන්දු ඇඟළුම් ක්ෂේත්‍රය තුළ ලද අත්දැකීම් ද විශේෂයෙන් සැලකිය යුතුය. ශ්‍රී ලංකාවේ MAS හෝල්ඩින්ග්ස් සමාගමේ ජ්‍යෙෂ්ඨ විධායක තනතුරකින් ආරම්භ කළ ඔහු, Stewarts ලංකා හි වෙළද අංශයේ කළමණාකරු තනතුර හෙබවීය. ඉන්පසුව එක්සත් රාජධානියේ Postmarks Clothing හි ප්‍රධාන විධායක නිලධාරී තනතුර හොබවන ලදී. මේ සියල්ලක් තුළින්ම, ව්‍යාපාර සහ වෙළෙඳ ක්ෂේත්‍රයේ ඔහු සතු ශක්‍යතාවය පිළිඹිබු වෙයි.
මුල්‍යමය සහ වෙළෙඳ ක්ෂේත්‍රයේ විශිෂ්ඨයකු වු අතිගරු අති උතුම් මහාචාර්ය දිවැසිවර ජෙරෝම් ප්‍රනාන්දු මැතිතුමා හට ඔහුගේ නායකත්වය යටතේ විවිධාංගීකරණය වූ ව්‍යාපාර කළඹක් ඇත. ප්‍රභූ පන්තියට සරිලන පරිදි ඇඳුම් නිර්මාණය සහ කරන සන්නාමයක් වන Prize Millionaire Clothing හි නිර්මාතෘ, සන්නාම තානාපති සහ සභාපති ලෙස කටයුතු කරයි. එලෙසම එතුමා ආත්මික උපදේශකත්වය ලබා ගැනීමට සහ දෙවියන් වහන්සේගේ වචනයේ ගැඹුරු සත්‍යයන් ඉගෙන ගැනීමට කැමති අය සඳහා Advanced Mentorship Program (AMP) හෙවත් උසස් උපදේශන වැඩසටහන් මාළාවක් 2020 දී ආරම්භ කරන ලද අතර ඒ අද්වීතීය පාසල් සමුහය වන Time2soar හි සභාපතිවරයා ලෙසද එතුමා කටයුතු කරයි. ඔහුගේ සභාපතිත්වය යටතේ ඇති තවත් ව්‍යාපාරයක් වන්නේ Aname Furniture ය. ඔබේ අවකාශයට අලංකාරත්වයක් එක් කරන ඔබේ අවශ්‍යතාවය සරිලන උසස් ගණයේ ගෘහ භාණ්ඩ ඔබට මෙම සන්නාමය හරහා ලබා ගත හැකි වීම සුවිශේෂයි. අධ්‍යාපන ක්ෂේත්‍රයට පිවිසෙන ඔහු, උසස් අධ්‍යාපනය සඳහා ඔබේ අවශ්‍යතාවලට සරිලන පරිදි උපදේශන සහිත අධ්‍යාපන සේවවාක් ලබා දීම සඳහා මෙන්ම ජාත්‍යන්තර වශයෙන් විශිෂ්ඨ අධ්‍යාපන පහසුකම් සපයන ආයතනයක් වන ට්‍රිනිටි ඉන්ටර්නැෂනල් සභාපතිවරයා ද වේ.
මෑත කාලීනව ඔහු ආහාර පාන නිෂ්පාදන ක්ෂේත්‍රයටද අවතීර්ණ වූ අතර ඉතාලියානු සුපශාස්ත්‍ර නිෂ්පාදන රාශියක් සහිත සුපිරි වෙළඳසැලක් වන Luxe Colombo හි සභාපතිවරාය ලෙස ද, ප්‍රථම වරට ශ්‍රී ලාංකීය ආකාරයට නිම වූ දේශීය ප්‍රයිඩ් චිකන් චිකන් ආහාර ජාලයක් වන “ සදන් ෆ්‍රයිඩ් චිකන්” හි සභාපතිවරයා ලෙස කටයුතු කරයි. එමෙන්ම එතුමා Thronos Holding (Pvt) Ltd සහ Auction Luxurious (Pvt) Ltd යන ආයතන දෙකෙහිම සභාපතිතුමන් සහ අධ්‍යක්ෂවරයාද වේ.
දේවසේවයේදී මෙන්ම සිය ජීවිතයේ වසර ගණනාවක පොරබැඳීම් සහ විජයග්‍රහණයන් සමග දෙවියන් වහන්සේගේ සේවයට කැපවු දේව මනුෂ්‍යයෙක් වන දිවැසිවර ආචාර්ය ජෙරොම් ප්‍රනාන්දු යනු දේවගැති වෙන්ඩි ප්‍රනාන්දු සහ දිවංගත දේවගැති ජයලත් ප්‍රනාන්දුගේ ආදරණීය පුත්‍රයා සහ දේවගැති මෙලනි ප්‍රනාන්දුගේ ගෞරවනීය ස්වාමිපුරුෂයා මෙන්ම මිකෙලාගේ සහ හෙවෙන්‍යා ප්‍රනාන්දුගේ ආදරණීය පියාණන්ය.