අඩු මුදලකට මිලදී ගත හැකි මත්පැන් බෝතලයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් යු.එල් උදය කුමාර පෙරේරා මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ නීති විරෝධී මත්පැන් මඟින් සමාජයට වන අහිතකර බලපෑම අවම කිරීමේ අරමුණෙන් මෙම මත්පැන් බෝතලය ලබා දීමට පියවර ගන්නා බවයි.

නීති විරෝධී මත්පැන් විශාල වශයෙන් ව්‍යාප්ත වී ඇති බවත් සුරා බදු ආදායමෙන් 30%ක් පමණ අහිමිව ඇත්තේ මෙම නීති විරෝධී මත්පැන් නිසා බවත් සුරා බදු කොමසාරිස්වරයා තවදුරටත් අවධාරණය කළා.

ඔහු සඳහන් කළේ, මෙම මත්පැන් නැති කිරීම වැටලීම් වලින් පමණක් සිදු කළ නොහැකි අතර ඒ සඳහා යොමු වී සිටින මහජනතාවට විකල්ප යෝජනාවලියක් ගෙන ආ යුතු බවයි.

එමෙන්ම අදාල මත්පැන් බෝතලය ප්‍රමිතියෙන් යුතුව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂා කිරීමෙන් පසුව එහි අනුමැතිය ඔස්සේ වෙළද පොළට නිකුත් කරන බවද කොමසාරිස්වරයා පවසා සිටියා.

මෙය සුරා බදු දෙපාර්තමේන්තුවේ ආදායම වැඩි කර ගැනීම හෝ මත්පැන් ප්‍රවර්ධනය කිරීමක් නොවන බව ද නීති විරෝධී මත්පැන් වලින් සමාජයේ ජීවත්වෙන අය ගලවා ගැනීමට සිදු කරන වැඩපිලිවෙළක් බවද කොමසාරිස්වරයා පෙන්වා දුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here