දිවයිනේ ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම අනතුරු ඇඟවීම අද (14) පස්වරු 6.00 දක්වා ක්‍රියාත්මක යි.

ඒ අනුව, බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල, පස්සර සහ හාලිඇළ, මහනුවර දිස්ත්‍රික්කයේ මැද දුම්බර අදියර 1 යටතේ විමසිලිමත් වන ලෙසයි අදාළ නිවේදනයෙන් ඉල්ලීමක් කරන්නෙ.

මේ අතර අද දිනයේ උතුරු සහ නැගෙනහිරි වැසි වාර කිහිපයක් ඇති විය හැකි බැව් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි අතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලටත් වැසි ඇතිවනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here