සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (28) පැවැත්වේ.

රාත්‍රී තරගයක් ලෙසින්  Mount Maunganui හිදී පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 11.45ට ආරම්භවීමට නියමිතව ඇත.

මේ අතර අද තරගයට අදාළ සියලු ප්‍රවේශපත් අලෙවී අවසන් බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය පවසයි.

මේ හේතුවෙන් අමතර ප්‍රවේශපත්‍ර 500ක් නිකුත්කර ඇති අතර, එයද මේ වනවිට අලෙවි වී තිබේ.

ක්‍රීඩාලෝලීන් 10,000කට අධික සංඛ්‍යාවකට එකවර නැරඹිය හැකි මෙම ක්‍රීඩාංගණයේ අති බහුතර ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ බිම වාඩිවී තරග නැරඹීම සඳහාය.

නවසීලන්ත ක්‍රිකට් වැඩිදුරටත් දන්වා සිටියේ දෙරට අතර ජනවාරි 2වනදා නෙල්සන්හිදී පැවැත්වෙන තරග සියලු ප්‍රවේශපත්ද මේ වනවිට අලෙවි අවසන් බවයි.

කෙසේ නමුත් Mount Maunganuiම දෙරට අතර දෙසැම්බර් 30වනදා පැවැත්වෙන තරගයේ ප්‍රවේශපත් කිහිපයක් පමණක් ඉතිරිව තිබෙන බව නවසීලන්ත ක්‍රිකට් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here