පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඇති වූ ආපදා තත්ත්වය පිළිබද සභාව කල් දැමීමේ විවාදය අද (04) පැවැත්වීමට නියමිතයි.
කතානායක ආචාර්ය අශෝක රන්වලගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පැවති පක්ෂ නායක රැස්වීමේදීයි එම තීරණය ගෙන තිබෙනවා.
ඒ අනුව අදාළ විවාදය අද පස්වරු 05.30 සිට රාත්‍රී 09.30 දක්වා පැවැත්වෙනු ඇති. තවද, ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ, ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ දෙදින විවාදය ඊයේ (03) ආරම්භ වුණා.
ඊට අදාළ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම, ලබන වසරේ පළමු මාස 04 සදහාවන අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය ද අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණෙනවා.