ශ්‍රී ලංකා පොලිසියේ වාහන අවශ්‍යතාව සපුරාලීම සඳහා සහාය ලබා දීමක් ලෙස ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකා රුපියල් මිලියන 300 ක මුදල් ප්‍රදානයක් ලබා දීමට එකඟතාව පළ කර තිබෙනවා.

එම ප්‍රදානය භාවිත කරමින් උතුරු පළාතේ පොලිස් ස්ථාන වල රාජකාරි අවශ්‍යතා සඳහා කැබ් රථ ලබා දීමට සැලසුම් කර ඇති බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ.

ඒ අනුව, එකී ප්‍රදානය ලබා ගැනීම සඳහා දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමට එළඹීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here