පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරයන්ගේ නාමාවලිය තුළ අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධත අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ සදහන්ව තිබූ ආචාර්ය නාමය පිළිබඳව මාධ්‍යවල පළ වන වාර්තා සම්බන්ධව පාර්ලිමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙයි.

අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුව වෙත ලබාදෙන ලද ‍සිය තොරතුරු පත්‍රිකාවේ ආචාර්ය නාමයක් ඇතුළත්ව නොතිබූ බව නිවේදනයේ සඳහන් වෙයි.

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරයන්ගේ නාමාවලිය තුළ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ ආචාර්ය යනුවෙන් සඳහන්වීම අදාළ තොරතුරු ඇතුළත් කිරීමේදී අතපසුවීමකින් සිදුවූවක් බවත් ඒ අනුව එකී අතපසුවීම නිවැරදි කිරීමට දැනට කටයුතු කර ඇති බවත් පාර්ලාමේන්තුව නිවේදනය කරයි

මේ සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධත අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට සිදුවූ අපහසුතාවය පිළිබඳව බලවත් කණගාටුව කර ඇති අතර පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සියළුම මන්ත්‍රීවරයන්ගේ තොරතුරු නැවත පරික්ෂා කොට යාවත්කාලීන කිරීමේ කටයුතු මෙි වන විට සිදු කරමින් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here