අමෙරිකාවේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට හැකර්වරයෙක් ඇතුළු වී ඇතැම් වර්ග නොකළ ලියකියවිලි වෙත ප්‍රවේශ වී ඇති බව ඇමරිකානු නිලධාරීන් සඳුදා ප්‍රකාශ කර ඇත.
ඔවුන් සදහන් කර ඇත්තේ චීන රාජ්‍ය අනුග්‍රහය ලත් හැකර්වරයකු මෙලෙස දත්ත පද්ධතියට ඇතුළු වී ඇති බවයි.
මෙම සිද්ධිය දෙසැම්බර් මස මුලදී සිදු වී ඇති අතර භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් මේ පිළිබඳව නීති සම්පාදකයින්ට ලිපියක් යොමු කර ඇතැයි ද වාර්තා වේ.
එක්සත් ජනපද නියෝජිතායතනය( FBI ) මෙම සිද්ධිය සම්බන්ධයෙන් හා එහි බලපෑම පිළිබඳව විමර්ශනය කරමින් සිටින බව ද සදහන් කෙරේ.
වොෂින්ටන් ඩීසී හි චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු බීබීසී පුවත් සේවයට සදහන් කර ඇත්තේ චීනයට එල්ලවන චෝදනා “කිසිදු සත්‍ය පදනමකින් තොරව” එල්ල කරන බවයි.