නිදහස් දින උත්සවයට සහභාගී වන්නැයි විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකාවට පත්ව පැමිණි නව තානාපතිවරුන් 9 දෙනාට සහ මහ කොමසාරිස්වරයාට අරාධනා කර තිබෙනවා.

බුර්කිනා ෆාසො, බොස්නියාව සහ හර්සෙගොවිනා , අසර්බයිජාන ජනරජය , ජෝර්ජියාව, බෙලාරූස් ජනරජය, ආමේනියා ජනරජය, ස්පාඤ්ඤ රාජධානිය , කොංගෝ ජනරජය, සහ ගිනියා ජනරජය සඳහා නව තානාපතිවරු ද කෙන්යා ජනරජය සඳහා නව මහ කොමසාරිස්වරයාද මෙම හමුවට සහභාගී වී තිබුණා.

පුනරුද වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකාව නැවත නගා සිටුවීමට පෙරට වඩා ශක්තිමත් සහයෝගයක් ලබා දෙන බවටද ඔවුන් එකග වී තිබෙනවා.

නිල හමුව සඳහා පැමිණි රාජ්‍ය තාන්ත්‍රිකයෝ ශ්‍රී ලංකාව සමඟ තිබෙන සබඳතා තර කර ගැනීම සඳහා එම රටවල තානාපති කාර්යාල පිහිටුවීමේ අභිප්‍රායද ඉදිරිපත් කළා.

ශ්‍රී ලංකාව සමඟ වෙළඳ සහ ආර්ථික සහයෝගිතාව ඉහළ නංවාගැනීමට නව ගිවිසුම් වලට එළඹීමටත් යෝජනා කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here