පාර්ලිමේන්තුවේ නව කතානායකවරයා ලෙස පත්ව සිටින ආචාර්ය අශෝක රන්වලගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ අතිශය විශාල කතාබහක් ඇති ව තිබෙනවා.

එවන් තත්ත්වයක් තුළ, ආචාර්ය නිර්මාල් දේවසිරි ද සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබා තිබුණා.

එමඟින් ඔහු, කතානායකවරයාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇති අයුරු අපට නිරීක්ෂණය වුණා.

මෙම තොරතුරු සත්‍ය නම් අශෝක රන්වල මහතා එම ධුරයෙන් ඉවත් කළ යුතු බවයි, ඔහු අවධාරණය කරන්නෙ.

අදාළ සටහන පහතින්,

“රන්වල පරීක්ෂාව!!!
ආණ්ඩුව තමන් ජනතාවට දුන් පොරොන්දුව සම්බන්ධයෙන් බැරෑරුම්ව සිතන්නේ නම් කතානායක අසෝක රන්වල ගේ උපාධි පිළිබද තත්වය තමන්ම සොයා බලා ඔහු ඒ සම්බන්ධව වැරදි තොරතුරු ඉදිරිපත් කර තිබේනම් එක්කෝ අස්වන්නැයි බල කළ යුතුය. නැත්නම් ඔහු ඉවත් කිරීමට කටයුතු කළ යුතුය. රන්වල මෙහි දී වරදක් කර තිබේනම් එහි වැරදි දෙකක් ඇත. එකක් නැති උපාධි තිබේ යැයි ජනතාවට ප්‍රකාශ කිරීමයි. අනෙක මෙවැනි කාලයක මෙවැනි දේ සම්බන්ධව ප්‍රසිද්ධියේ බොරු කියා, ඒ බොරු සගවාගෙන මෙවැනි කැපී පෙනෙන තනතුරක් දැරීමට හැකි යැයි කල්පනා කිරීමයි. දෙවැනි වරද පළමු වරදට වඩා බරපතල වේ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව දැනගත යුත්තේ තමන් හිස් ආවරණ, පා අවරණ හා අනෙකුත් ශරීර අවයව සදහා වූ ආවරණ නොමැතිව ප්‍රබල වේග පන්දු යවන්නන් ඉදිරියේ පන්දුවට පහරදෙන ක්‍රිකට් පිතිකරු බලකායක් මෙන් බවයි.”

මේ අතර කතානායකවරයාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් මොරටු විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරීවරයාගෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ පැහැදිලි කිරීමක් රජරට වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශේෂඥ වෛද්‍ය ආචාර්ය කුමාර කළුආරච්චි මහතා ඉල්ලා තිබෙනවා.

එම සටහන පහතින් බලන්න…

“ගරු කථානායක තුමනි,
ඔබ වෙනුවෙන් ජනනය කල විකිපීඩියා පිටුවේ සහ තවත් වෙබ් අඩවි කීපයක ඔබතුමා මොරටුව විශ්ව විද්‍යාලයේ රසායන ඉන්ජිනේරු උපාධිය ද ජපානයේ වසේඩා විශ්ව විද්‍යාලයෙන් ජෛවරසායනය පිලිබඳ ආචාර්‍ය උපාධිය ද ලබා ගත්තෙකු බව සඳහන් වේ. ඔබ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ලෙස පත් වූ දා රජයේ ඉන්ජිනේරුවන් ගේ සංගමයේ මුහුණු පොත් පිටුවේද ඒ බව සඳහන් කරමින් ඔබට සුබ පතා තිබුනි.ආචාර්‍ය උපාධියක් ගන්නාවිට අඩුම තරමින් එක විද්‍යාත්මක ප්‍රකාශනයක් වත් පල කෙරෙන බැවින් ඒවා සියල්ල සටහන් වන Google scholar වෙබ් පිටුවෙන් ඔබේ නම යොදා කරන ලද සෙවීමකට අනුව ඔබේ නමින් එකම එක විද්‍යාත්මක ප්‍රකාශනයක් වත් පලවී නැති බව තහවුරු විය. තවදුරටත් සොයා බැළීමේදී ඔබ සමග ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්තාවේ සේවය කල අය හට ඔබ මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකු බව අමතකව තිබේ.වැඩිදුර සොයාබැලීම සඳහා මා මොරටු විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරී තුමා ගෙන් තොරතුරු දැණගැනීමේ පනත යටතේ පැහැදිලිකිරීමක් ඉල්ලා සිටියෙමි. එම විමසුමට ඔබතුමා සත්‍ය වශයෙන් ම මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු බව තහවුරු කරමින් සතුටුදායක පිලිතුරක් ලැබේ යැයි අපේක්ශා කරමි. එසේම යම් හෙයකින් ගරු කථානායක තුමා සමග මොරටු විශ්ව විද්යාලයේ උපාධිය හැදෑරූ අයෙක් වේ නම් ඔහු හෝ ඇය එතුමා සැබවින් ම මොරටු විශ්ව විද්යාලයේ විද්‍යාර්ථියෙකු යැයි මෙහි කොමෙන්ටුවක් දමා සහතික කරන්නේ නම් මා කෘතඥ වෙමි.සමහර දේශපාලකයන් ගේ අධ්යාපන සුදුසුකම් ව්‍යාජ ඒවා බවත්, ඔවුන් එම සුදුසුකම් ලබා ගත්තේ අක්‍රමිකතා මැද විබාග වලට ලිවීමෙන් බවත් චන්දදායකයන් ට රසකර කියමින් හඬ නැගූ ඔබලා තවමත් වියාජ අධ්යාපන සුදුසුකම් වලට විරුද්දව නැගී සිටිනු ඇති බව මගේ විශ්වාශයයි. ජයවේවා!”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here