අස්වැසුම සුබසාධක ගෙවීම් යෝජනා ක්‍රමය සංශෝදනය කර තිබෙනවා.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා ඒ බව ප්‍රකාශ කළා

ඒ අනුව සංක්‍රාන්තික සහ අවධානමට ලක්වූ පවුල් සඳහා අස්වැසුම ගෙවනු ලබන කාලය 2025 – 03 -31 දක්වා දීර්ඝ කර තිබෙනවා.

එමෙන්ම දුප්පත් පවුල් සඳහා දැනට ගෙවනු ලබන දීමනාව රුපියල් 8500/= සිට රුපියල් 10,000/= දක්වා ඉහළ නංවා තිබෙනවා.

අන්ත දිළිඳු පවුල් සඳහා දැනට ගෙවනු ලබන දීමනාව රුපියල් 15,000/= සිට රුපියල් 17,500/= දක්වා ඉහළ නංවා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here