ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල අද (25) යි.

ලොවට සාමයේ පණිවුඩය රැගෙන ආ ජේසු බිළිඳාගේ උපත සැමරෙන අසිරිමත් නත්තල මධ්‍යම රාත්‍රීයේ උදා වුණා.

ප්‍රධාන නත්තල් දේව මෙහෙය ඊයේ මධ්‍යම රාත්‍රියේ පැවැත්වුණේ ජා-ඇල වික්ෂෝප මාතා දේවස්ථානයේදියි.

නතාලේ යන ලතින් වචනයෙන් විකාශනය වී ඇති නත්තල යන වචනයේ අරුත වන්නේ උපත යන්නයි.

දේව පුත්‍රයානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මිනිසත්බව ගෙන මරියතුමියගේ මාතෘත්වයෙන් බෙත්ලෙහෙමේ දුගී ගවලෙනක උපන් ඒ අසිරිමත් රාත්‍රිය නත්තල ලෙස කිතුනුවන්ගේ ආදරයටත්, ගෞරවයටත් පාත්‍ර වී තිබෙනවා.

සුරලොවත්, මනුලොවත් යාකළ සාමයේ කුමරුවන් වන ජේසු සමිඳුන්ගේ උපත සිහිකරන විශ්ව මංගල්‍යය වන නත්තල තුළ ප්‍රේමය, සාමය, සතුට, බෙදාගැනීම, පරිත්‍යාගය, අන්‍යෝනය අවබෝධය මෙන්ම නිහතමානී බවත් ආගමික සහජීවනය පිළිබඳ පණිවුඩයත් ගැබ්ව තිබෙනවා.

සාමයේ කුමාරයාණෝ ලෙස ලෝකවාසීන්ගේ භක්තියට හා ගෞරවයට පාත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සැමරීම වෙනුවෙන් වාර්ෂිකව දෙසැම්බර් 25 වන දා නත්තල් උත්සවය සැමරීම සිදුවනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here