ආනයනික ලොකු ලූනු කිලෝග්‍රෑම් එකක් සඳහා වන වෙළෙඳ භාණ්ඩ බදු අඩු කිරීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, මෙතෙක් පැවැති ආනයනික ලොකු ලූනු කිලෝග්‍රෑම් එකක් සඳහා වන රුපියල් 30ක වෙළඳ භාණ්ඩ රුපියල් 10ක් දක්වා අඩු කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව දේශීය ගොවියා ආරක්ෂා කිරීම සහ පාරිභෝගිකයාට සාධාරණ මිලක් ඇතිවන පරිදි කෙටිකාලීන පියවරක් වශයෙන් මෙය ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව දෙසැම්බර් 31 දින දක්වා මෙම බදු අඩු කිරීම ක්‍රියාත්මක බවත් ඉදිරියේදී ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ මත ඒ සඳහා සුදුසු නීතිමය විධිවිධාන යටතේ කටයුතු කිරීමටත් පියවර ගන්නා බවද මුදල් අමාත්‍යාංශය පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here