ආනයනික සහල්, වරායට ගොඩබා පැය 04 ක් ඇතුළත නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.
ආනයනය කෙරෙන සහල් හැකි ඉක්මනින් වෙළඳපොළට නිකුත් කිරීමේ අවශ්‍යතාව හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ සඳහන් කළේ.
මේ සඳහා දායක වන අනෙකුත් රාජ්‍ය ආයතන සමඟද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.