ආනයනික සහල් මෙට්‍රික් ටොන් 67,000ක් මේවන විට දිවයිනට ලැබී ඇතැයි රේගුව පවසයි.

ඉන් මෙට්‍රික් ටොන් 28, 500ක් කැකුළු  සහල් වන අතර මෙට්‍රික් ටොන් 38,500ක් නාඩු සහල් ය.

මෙම සහල් වලින් රේගුව රුපියල් බිලියන 4.3 ක් ආනයන බදු ලෙස අයකර ගෙන ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේ ය.

මේ අතර , සහල් ආනයනය සඳහා ලබා දී තිබූ කාලය ජනවාරි 10 වැනිදා දක්වා දීර්ඝ කළේ ය.

වෙළෙඳපොලේ පවතින සහල් හිඟය සැළකිල්ලට ගෙන සහල් ආනයනය සඳහා රජය පුද්ගලික ආනයනකරුවන්ට අවසර ලබා දී තිබේ.  

මේ අතර, වැඩි මිලට සහල් අළෙවි කළ වෙළදසැල් 600කට පමණ එරෙහිව නඩු පවරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

වැඩි මිලට සහල් ආනයනය කරන වෙළදුන් සොයා දීප ව්‍යාප්තව වැටලීම් ක්‍රියාත්මකයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here