සහල් ආනයනය කිරීම සඳහා දැනට පවතින සීමාවන් තාවකාලිකව ඉවත් කිරීමේ පිළිබඳව අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බලා තිබෙනවා.

ඒ, දේශීය වෙළෙඳපොළේ දැනට පවතින නාඩු සහල් සහ අනෙකුත් සහල් වර්ග හිඟය මෙන්ම පසුගිය දිනවල පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් වී වගාව සඳහා සිදු වී ඇති හානිය සැලකිල්ලට ගනිමින්.

ඒ අනුව, ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමකින් තොරව 2024-12-20 දින දක්වා මෙරටට සහල් ආනයනය කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි අවසර ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here