ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික දූත මණ්ඩලයේ දේශීය අධ්‍යක්ෂ තකෆුමි කදෝනෝ මහතා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවී තිබේ.

එම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන ප්‍රමුඛතාවක් ලෙස නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව වැඩි අවධානයක් යොමුව ඇතැයි සඳහන් ය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා පාසල් යටිතල පහසුකම්, ගුරු-විදුහල්පති පුහුණුව සහ ඇගයීම් යාන්ත්‍රණ සංවර්ධනය කිරීමේ වැදගත්කම එම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය අවධාරණය කර තිබේ.

අඛණ්ඩ ව්‍යාපෘති හරහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති අභියෝගවලට විසඳුම් සෙවීමට සිය දායකත්වය ලබාදීම පිළිබඳව ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් සාකච්ඡා කර ඇතැයි සඳහන් ය.

අග්‍රාමාත්‍ය ලේකම් , අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියේ ය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here