ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊයේ (23) 2025 මූල්‍ය වර්ෂයේ ජාතික ආරක්ෂක පිරිවැය පනතට අත්සන් තබා ඇති අතර, එයට අනුව, ලබන මූල්‍ය වර්ෂ‍යේ ඇමරිකාවේ හමුදාමය පිරිවැය ඇ.ඩො. බිලියන 895ක් දක්වා ඉහල නැංවේ.

මෙම ජාතික ආරක්ෂක පිරිවැය පනත පිළිබඳව චීනය සිය අප්‍රසාදය පළ කර ඇති අතර, චීනයට අදාළ සෘණාත්මක කරුණු එහි ඇතුළත් වීම ඊට මූලික වී තිබෙනවා.

මේ පිළිබඳ අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මෞ නිං මහත්මිය අද (24) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පවසා ඇත්තේ, මෙම පනත“චීනයේ තර්ජනය”මතු කරමින් තායිවානයට යුදමය ආධාර ලබා දෙමින් චීන-ඇමරිකා සම්බන්ධතා ස්ථාවර කිරීමේ උත්සාහයට බාධා කර ඇති බවයි.

මේ පිළිබඳව චීනය ඇමරිකාවට දැඩි අප්‍රසාදය පළ කරන බව ද ඇය මෙහිදී ප්‍රකාශ ක‍ළා.

එමෙන්ම තායිවානයට යුදමය ආධාර ලබාදීම නතර කරන ලෙසත්, විද්‍යා තාක්ෂණය සහ ආර්ථික හා වෙළඳ කරුණු දේශපාලනීකරණයට ලක්කිරීම නතර කරන ලෙසත්, සිය හමුදාමය පිරිවැය වැඩි කිරීම හා ආධිපත්‍යය පවත්වා ගැනීම සඳහා නිදහසට කරුණු සෙවීම නතර කරන ලෙසත්, චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බවයි ඇය මෙහිදී සඳහන් කළේ.

තවද, ඇමරිකාවේ 2025 මූල්‍ය වර්ෂයේ ජාතික ආරක්ෂක පිරිවැය පනතේ ඇතුළත් චීනයට අදාළ සෘණාත්මක වගන්ති බලාත්මක නොකළ යුතු බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව අවධාරණය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here