පුරප්පාඩු වී පැවති ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය සඳහා සනත් ප්‍රියන්ත සුමනසිරි යන අය නම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

එම ගැසට් නිවේදනය ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තේරීම්භාර නිලධාරී රවින්ද්‍ර විජය කුමාර විසින් නිකුත් කර ඇත.

ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීමෙන් එහි සභාපති ධුරයට පත්වූ ජාතික ජන බලවේගයේ නිශාන්ත පෙරේරා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ අතර, ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්වීම හේතුවෙන් ඇල්පිටිය ප්‍රාදේශීය සභා සභාපති ධුරය පුරප්පාඩු විය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තේරීම්භාර නිලධාරීවරයා විසින් තවත් ගැසට් නිවේදනයක් නිකුත් කරමින්, පුරප්පාඩු වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධුරය සඳහා නාගරාජා සාරා විනෝදනී නම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here