ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලකුණු 131ක දැවැන්ත පරාජයකට ලක්කරමින් ආසියානු කුසලාන වයස 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (01) සමත් විය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 243ක් රැස්කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම වූ ශාරුජන් ෂම්මුගනාදන් අංක 3 පිතිකරුවා ලෙස පන්දුවට පහරදීමට පැමිණ අගනා ලකුණු 102ක් රැස්කළේය.
පුලිඳු ලකුණු 53ක් ලබා ගැනීමට සමත් වුණා.
කෙසේ නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට පන්දුවාර 28.2දී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 112ක් පමණි.
ඒ අනුව මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම තවත් තරගයක් ඉතිරිව තිබියදීම අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන් කර ගැනීමට සමත් වුණා.
ඔවුන් අනිද්දා (3) බංග්ලාදේශට එරෙහිව ක්‍රීඩාකිරීමට නියමිතව ඇත.
බංග්ලාදේශයද මේ වනවිට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටියි.