ඉදිරි පැය 36 තුළ නැගෙනහිර පළාතේ සහ සෙසු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වලට තරමක තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තුමේන්තුව දැනුම් දෙනවා.

මේ අතර, දිවයිනේ ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගනු ලැබුවා.

ඒ අනුව, බදුල්ල, බදුල්ල, මහනුවර, කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්කවල නායයෑමේ අවදානම් ප්‍රදේශ සඳහා හෙට පස්වරු 04 දක්වා නායයෑමේ අවදානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here