සහල් ආනයනය කිරීම සඳහා ඉදිරි සති දෙක ඇතුළත රජය පියවර නොගතහොත්, දැඩි සහල් හිඟයක් ඇති වන බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය පවසනවා.
මෙම ගැටලුව විසඳීම සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවලක් සකස් කිරීම රජයේ වගකීමක් බවයි එහි සභාපති යූ.කේ. සේමසිංහ සඳහන් කරන්නේ.
යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය මඟින් ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවත්, බියර් සහ සත්ත්ව ආහාර නිෂ්පාදනය කිරීම සඳහා සහල් ලබා දීමේදී එය නියාමනය කිරීම ඉතා වැදගත් කාරණයක් බවත් ඔහු කියා සිටියා.