ඉන්දීය කණ්ඩායම ලකුණු 59කින් පරාජය කරමින් ආසියානු වයස 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට බංග්ලාදේශය සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කළ අතර ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 49යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 198ක් රැස්කිරීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 35යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු
139ක් පමණයි.
ඒ අනුව බංග්ලාදේශය ලකුණු 59ක ජයක් ලබා ගනිමින් අඛණ්ඩව දෙවැනි වරටත් ආසියානු යොවුන් ශූරයන් ලෙසින් කිරුළු පැළඳීමට සමත් වුණා.