ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක අතර විශේෂ හමුවක් සිදුව තිබෙනවා.

බත්තරමුල්ල, මඟනැගුම පරිශ්‍රයේ පිහිටි අමාත්‍ය කාර්යාලයේ දී මෙම හමුව සිදුව තිබුණා.

එහිදී අමාත්‍යවරයා සහ මහ කොමසාරිස්වරයා අතර කෙටි සාකච්ඡාවක් සිදුව තිබෙනවා.

මෙරට වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳව සන්තෝෂ් ජා විශේෂ අවධානයක් යොමු කෙරූ බැව් ද සඳහන්.

ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත්, දිගුකාලීන සම්බන්ධතාවය රැකගැනීම සඳහා ඉන්දියාව උපරිම සහය ලබාදෙන බව ද මහ කොමසාරිස්වරයා සඳහන් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here