මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඉරානයේ පොලිස් බුද්ධි අංශ ප්‍රධානී මොජ්ටාබා ෂාහිඩි මියගොස් තිබේ.

හෝර්මොස්ගන් පළාතේ පිහිටි පොලිස් බුද්ධි අංශ ගොඩනැගිල්ල ඉදිරිපිටදී එම පිපිරීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මරාගෙන මැරෙන බෝම්බකරු සිය මෝටර් රථය, බුද්ධි අංශ ප්‍රධානීයා ගමන් ගත් මෝටර් රථයේ ගැටෙන්නට සළස්වා පුපුරුවා හැර ඇත.

බෝම්බ පිපිරීමෙන් නියෝජ්‍ය පොලිස් ප්‍රධානියාටත් තුවාල සිදුවුණා.

එය ත්‍රස්ත ප්‍රහාරයක් බව, පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේ ය.

ඔවුන් සැක පළ කරන්නේ, අයි එස් ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here