උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසනවා.
උඩුවර ප්‍රදේශයේ නායයාමක් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබුණා.
දින 5ක් තිස්සේ පැවති මෙම අවහිරතාව යථා තත්ත්වයට පත්කර අද (02) සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදුකෙරෙන බවයි ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසන්නේ.
අයහපත් කාලගුණය හේතුවෙන් පසුගිය දින කීපයේම දුම්රිය ධාවනයට බාධා එල්ලවුණා.
මේ වනවිට එම තත්ත්වයන් බොහෝදුරට පහව ගොස් ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.