හිඟයකින් තොරව බිත්තර වෙළෙඳ පොළට නිකුත් කිරීමට බිත්තර නිෂ්පාදකයින් කටයුතු කරන බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසනවා.
අද (07) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ මේ වන විට බිත්තරයක සිල්ලර මිල රුපියල් 35-36ත් අතර අතර පවතින බවයි.
කෙසේ නමුත් රටේ ඉල්ලුම හා සැපයුම අනුව බිත්තරයක මිල තීරණය වන බැවින් ඉදිරි උත්සව සමයේදී බිත්තර ඉල්ලුම වැඩි විය හැකි බවත් ඒ අනුව රුපියල් 45කට අඩුවෙන් බිත්තරයක සිල්ලර මිල පවත්වාගෙන යාමට අපෙක්ෂා කරන බවත් ඔහු පවසනවා.
එමෙන්ම වර්තමානය වනවිට සහල් නිවුඩු සහ බඩ ඉරිඟු මිල ඉහළ යාම හේතුවෙන් බිත්තරයක නිෂ්පාදන මිල ඉහළ ගොස් ඇති බවයි අජිත් ගුණසේකර මහතා පවසන්නේ.
ඔහු පැවසුවේ කුකුළු මස් නිෂ්පාදනයේ අතිරික්තයක් පවතින බැවින් මේ වන විටත් හිඟයකින් තොරව කුකුළු මස් වෙළෙඳ පොළට නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවයි.
පසුගිය කාලයේ පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ එළවළු මිල සහ මාළු මිල ඉහළ ගොස් ඇති බැවින් මේ හේතුවෙන් කුකුළු මස් සඳහා ඉල්ලුම වැඩි වී ඇති බවත් මේ වන විට ශීත කල කුකුළු මස් රුපියල් 950-1000ත් අතර මිලකට අලෙවි වන බවත් ඔහු සඳහන් කළා.
එමෙන්ම ඒ මහතා කියා සිටියේ, සත්ත්ව නිෂ්පාදන ඉදිරියටත් අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකියාව ලැබුණහොත් එළැඹෙන සිංහල අලුත් අවුරුදු සමයේදී වුවද හිඟයකින් තොරව බිත්තර සහ කුකුළු මස් ලබා දීමට හැකියාව ඇති බවයි.
කෙසේ නමුත් සත්ත්ව ආහාර හිඟයක් ඇතිවන්නේ නම් ඒ සඳහා පිළියම් යෙදීම රජයේ වගකීම බවද අජිත් ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළා.