උත්සව සමය නිමිත්තෙන් විශේෂ බස් රථ සේවාවක් අද (24) සිට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව උත්සව සමය අවසන් වනතුරු සෑම දිනකම අමතර බස් රථ 50 ක් ධාවනයට එක් කර ඇති බවයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස සඳහන් කළේ.

එසේම අධිවේගී මාර්ගයේ ධාවනය වන බස් රථ ප්‍රමාණයද වැඩි කර ඇති බවත්, නැවත ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹ පැමිණීම සඳහා අවසන් සතියේ සඳුඳා දින බස් සේවාවක් ක්‍රියාත්මක බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here