එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් නායක බෙන් ස්ටොක්ස්ට මාස 3ක කාලයක් සියලුම අකාරයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම අහිමි වී තිබේ.

පසුගියදා නවසීලන්තය සමග පැවති තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදි එංගලන්ත නායක බෙන් ස්ටොක්ස් ආබාධයකට ලක්විය.

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ, ලබන ජනවාරි මාසයේ බෙන් ස්ටොක්ස් සැත්කමකට ලක් කිරීමට නියමිත බවයි.

ඒ හේතුවෙන් මාස 3ක කාලයක් ඔහුට සියලුම ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම අහිමි වනු ඇති.

ස්ටොක්ස්ට ආබාධයක් හේතුවෙන් මේ වසරේ ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වූ දෙවැනි අවස්ථාව මෙයයි.

මින් පෙර මේ වසරේ අගෝස්තු මාසයේ පැවති ද හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලියේදී ද ඔහු මෙලෙස ආබාධයකට ලක්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here