එකම පවුලේ ඥාතින් පිරිසක් ගමන් කල ජිප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් විමෙන් ජිප් රථයේ ගමන් ගත් පස්දෙනෙකු තුවාල ලබා මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල විම නිසා තුවාලකරුවන් දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යැවු බව මස්කෙලිය පොලිසිය පැවසිය.

ශ්‍රි පාද වන්දනාවේ (29) දින පැමිණ ආපසු (30) දින ගොඩකලවෙල දක්වා ජිප් රථය ධාවනය කරන අවස්තාවේ ජිප් රථය නල්ලතන්නිය මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ මස්කෙලිය බ්‍රවුන්ලෝ වත්ත ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇත.

ජිප් රථය අනතුරට පත් වන අවස්තාවේ ජිප් රථය තුල හත්දෙනෙකු ගමන් කර ඇති අතර, ඉන් කුඩා ළමයෙකු සහ රියදුරා සුළු තුවාල ලබා ඇත.

ධාවනය වෙමින් තිබු ජිප් රථයේ රියදුරුට නින්ද යාමෙන් මෙම අනතුර සිදු වි ඇති බවත්, අනතුරෙන් ජිප් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි පොලිසිය කියා සිටියේ.

අනතුරෙන් කාන්තාවන් සිව්දෙනෙකු පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර, තුවාලකරුවන් ගොඩකවෙල, බළංගොඩ සහ රාගල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන මස්කෙලිය පොලිසිය කියා සිටියේ.

( හැටන් රංජිත් රාජපක්ෂ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here