ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ එකඟතාවය හෙවත් එට්කා ගිවිසුමට අත්සන් කිරීම ආණ්ඩුව විසින් සිදු කරනවා යන ප්‍රකාශ අසත්‍ය බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ජනපතිගේ ඉන්දීය නිල සංචාරය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට අද (20) එක් වෙමිනි.

මෙරටට ආර්ථිකයට හානිදායක වන ගිවිසුම්වලට එකඟ නොවන බව ද එය ජාතික ජනබලවේග ආණ්ඩුවේ මූලික ප්‍රතිපත්තිය බව ද ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී එට්කා ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා ඉදිරියට ‌ගෙන යෑමට  කිරීමට කැමැත්ත ප්‍රකාශ කළ බව ද ඔහු අවධාරණය කර සිටියේය.

ජනතා අප්‍රසාදයට ලක්ව ඇති බංකොලොත්  දේශපාලනඥයන් අසත්‍ය කරුණු සමාජගත කරමින් සිටින බව ද විජිත හේරත් මහතා මෙහිදී  පෙන්වා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here