කථානායක අශෝක රංවල මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් පිළිගෙන තිබෙනවා.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් මේ බැව් ලිඛිතව පාර්ලිමේන්තු මහලේකම්වරියට දන්වා යවා තිබෙනවා.
කථානායක අශෝක රංවලගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් පසුගිය සමයේ සමාජය දැඩි ලෙස ගැටලු මතු කර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම ඔහු මුනිවතින් කටයුතු කිරීම බොහෝ පිරිසකගේ විවේචනයට ලක්වුණා.
කෙසේ නමුත් සිය ‘අධ්‍යාපන සුදුසුකම්’ සම්බන්ධයෙන් තමන් සිදු කළ ප්‍රකාශ කිසිවක් අසත්‍ය නොවන බවයි කතානායකවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර ඇත්තේ.