දඹුල්ල ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ දඹුල්ල පැල්වෙහෙර මහවැලි හන්දියේ අද (17) දින අලුයම කන්ටේනර් රථයක් මතට අඹ ගසක් කඩා වැටීම හේතුවෙන් රථයට බරපතළ හානි සිදුවි පැය ගණනාවක් වාහන ගමනාගමනයට බාධා එල්ල වූ බව පොලිසිය පවසනවා.

ත්‍රිකුණාමලය සිටි කොළඹ වරායට තිරිඟු පිටි ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් මතට මෙසේ මහමග අසල තිබූ විශාල අඹ ගසක් පතිත වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

දින ගණනාවක සිට ප්‍රදේශයට ඇදහැලෙන වර්ෂාවත් සමඟ මෙම අඹ ගසේ මුල් බුරුල් වී තිබෙන්නට ඇති බව පොලිසිය විශ්වාසය පළ

අද (17) දින අළුයම 4.30ට පමණ එකවරම මහා විශාල ශබ්දයක් ඇසී මහ මග බලන විට කන්ටේනර් රථයේ රියදුරු ඉතා පරිස්සමෙන් දිවි බේරාගන්නා බවත් රථය මතට මෙම දැවැන්ත අඹ ගහ වැටී තිබෙන අයුරු දුටු බව ප්‍රදේශවාසීන් සඳහන් කළා.

එමෙන්ම දඹුල්ල මහ නගර සභාව සහ දඹුල්ල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරී අළුයම සිට දහවල් වනතුරු පැය ගණනාවක් මෙම විශාල අඹ ගස කන්ටේනර් රථය මතින් ඉවත් කිරීම සඳහා දැඩි වෙහෙසක් දරන අයුරු දැක ගැනීමට හැකි වුණා.

එමෙන්ම මාර්ගයේ එක පසක් සම්පූර්ණයෙන්ම වසා එක පැත්තකින් වාහන ගමනාගමනයට ඉඩ ලබා දීමටපොලිසිය කටයුතු කරනු ලැබුවා.

අනතුරෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර කන්ටේනර් රථයේ රියදුරු සඳහන් කළේ තමන් වාහනය පදවාගෙන එන අතරතුර එකවරම අඹ ගස මහ මඟ දෙසට කඩා වැටෙන දුටු දැක රථය නවතාගත් බවයි.

මේ සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here