සබරගමු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ දෙවැනි වසරේ සිසු සිසුවියන් හත් දෙනෙකුට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් කල් ඉකුත් වූ එන්නතක් විදීමෙන් පසු රෝගීව රෝහල් ගත කර තිබෙනවා.

මෙම සිද්ධිය ගැන විශ්ව විද්‍යාලයෙන් පරීරික්ෂණයක් පවත්වන බව එහි පාලනාධිකාරිය පවසනවා.

සිසුවියන් හයදෙනෙකු සහ එක් සිසුවෙකු හදිසි අසනීප තත්ත්වයකට ලක්ව අද (17) දින දහවල් පඹහින්න ප්‍රදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

මෙම එන්නත කල් ඉකුත් වී ඇති බව වෙද්‍ය මධ්‍යස්ථානයේ සේවයේ නිරත අය දැක ඇත්තේ ද එය සිසුන්ට විදින විට අවස්ථාවේ බවත් හත් දෙනෙකුට එන්නත විදීමෙන් පසු සෙසු පිරිසට විදීම නවතා ඇතැයි ද රෝහල් ගතව සිටින සිසුන් පැවසුවා.

සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කිෂ්ණක නෙරන්ජින් සදහන් කළේ, කෘෂි විද්‍යා පිඨයේ දෙවැනි වසර සිසුවියන් හය දෙනෙකුට සහ එක් සිසුවෙකුට පිටගැස්මට සදහා ලබාදෙන මාස දෙකක් කල් ඉකුත් වූ බෙහෙත් ප්‍රමාණයක් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් නොසැලකිලිමත් ලෙස ලබාදි ඇති බවයි.

මෙම වෛද්‍ය මධ්‍යස්ථානයේ තිබෙන ගැටලුකාරි තත්ත්වය හේතුවෙන් මීට පෙර ආචාර්යවරයෙකු සහ සිසුන් දෙදෙනකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි ද වෙද්‍ය මධ්‍යස්ථානයේ ගැටලු ගැන විශ්ව විද්‍යාලයේ පරිපාලනය දැනුම් දී ඇතැයි ද ඔහු පැවසුවා.

සබරගමු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සුනිල් ශාන්ත මහතා පඹහින්න ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන සිසුන්ගේ සුවදුක් විමසීමට අද දහවල් එහි ගොස් තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here