ආචාර්ය සෙනේෂ් බණ්ඩාර දිසානායක මහතා ජාතික රූපවාහිනියේ සභාපති ධුරයෙන් ඉල්ලා වුණා.
අනුර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව මුලින් ජනමාධ්‍ය අමාත්‍යවරයා වූ විජිත හේරත් මහතා විසින් ආචාර්ය සෙනේෂ් බණ්ඩාර දිසානායක මහතා ජාතික රූපවාහිනියේ සභාපති ධුරයට සැප්තැම්බර් 25 වැනිදා පත් කරනු ලැබුවා.
එලෙස පත්වු සෙනේෂ් බණ්ඩාර මහතා මාස තුනක් ඉක්මවු පසු සිය සභාපතිකමෙන් ඉවත්විම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවිධ වු පුවත් පළ වුණා.
ඔහුගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මහාචාර්ය අරුණ ශාන්තආරච්චි මුහුණු පොතේ තැබූ සටහන පහතින්,
ඇත්තටම මෙයාට ඉල්ලා අස්වෙන්න සිද්ධ වුනේ මෙයාගේ කළමනාකරණ නොහැකියාව සහ අකාර්යක්ෂමතාව නිසා. ඒක සාක්ෂි සහිතව මගේම අද්දැකීමකින් මම පැහැදිලි කරන්නම්. ආචාර්ය තියා මොනාචාර්ය වුනත් වැඩක් නෑ ආයතනයක් හරියට කළමණාකරනය කර ගන්න බැරිනම්…කැම්පස් එකට වෙලා තියරි උගන්වනවා වගේ නෙමේ ආයතනයක් කළමණාකරනය කිරීම. ඔතන තාමත් ඉන්නේ සීයාගෙ සහ රාජපෂක්ෂගේ හොල්මන් ටික.. මෙයාට බැරි උනා ඒ හොල්මන් පාලනය කරගන්න..දැන් ඇමතිතුමාට අවලාද නගිනවා. බනිනවා. මේ මොන බයිලා ගැහුවත්, තමාගේ බැරිකම මත මෙයා ඉල්ලා අස්වුනේ. මම ඒකට මගේම අද්දැකීම් දෙකක් කියන්නම්. අහගන්න. මේවා ඕනි තැනක ඔප්පුකරන්නත් සුදානම්.
# කතාව; 01
මම ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ Sri Lanka Export Credit Insuranc Corporation (SLECIC) සභාපති ලෙස, මෙයාට මගේ සෙකට්රි මගින් දින කීපයක් කතා කරන්න උත්සාහ කලා. මොකද, අපේ ආයතනය මුදල් අමාත්‍යාංශයට අයත් ලාභ ලබන ආයතනයක්,මහා භාන්ඩාගාරයට වාර්ෂිකව මුදල් දෙන ආයතනයක්…අපේ 2025 අපනයනකරුවන් රක්ෂණය කීරීම වැඩි කිරීම සදහා අපි ලබන වසරේ අලුත් වැඩපිළිවෙළක් සැළසුම් කලා.. මෙහි ප්‍රචාරණ වැඩපිලිවෙල රූපවාහිනියට දෙන්නයි කතා කලේ..ඒ සදහා අපි මුදල් ගෙවනවා …මේ සදහා රූපවාහිනිය රාජ්‍ය ආයාතනයක් නිසා ඒ පිළිබදව කතා කරගන්න සභාපති ලෙස මම කතා කලේ…මේ මනුස්සයා මාර බිසි.. ජනාධිපතිතුමාටත් වඩා බිසි.. අන්තිමට මගේ සෙකට්රිට මෙයා දීලා තිබුණ උත්තරේ මොකක්ද දන්නවද?..එයාගේ සෙකට්‍රිට හේතුව කියලා මට අපොයින්ට්මන්ට් එකක් ගන්නලු…මම එදාම දැනගත්තා මෙයා මේ රුපවාහිනිය ගොඩ දානවා වෙනුවට මේක කාලා තමා යන්නේ කියලා.. සාමාන්‍යයෙන් ආයාතනයක සභපති කෙනෙක් තවත් ආයාතනය සභපති කෙනෙකුට කතා කලාම ඒකට අපි රෙස්පෙට් කරනවා..කොච්චර බිසි උනත් මුදල් අමාත්‍යාංශයේ ලේකම් තුමා, අපි කෝල් කලාම අපිට කතා කරනවා..එතුමා කොච්චරනම් බිසිද? මොකද අපි කතා කරන්නේ රාජකාරි වැඩවලට.. මෙයා හිතන්න ඇති මම මෙයාගෙන් ජොබ් එකක් ඉල්ලන්න කතා කලා කියලා. මේ උද්දච්ච්කම නිසා රූපවාහිනියට එන්න තිබුනු මිලියන ගානක ආදායමක් නැති කර ගත්තා…අපි වෙනත් විකල්පවලට ගියා. සභාපතිකම් අමතක කරමුකෝ..අපි රාජ්‍ය විශ්ව විද්‍යාලවල ආචාර්යවරු..අඩුම වශයෙන් ඒ කමට කතා කරපන්…මේ වගේ කළමනාකරනය නොදන්න අය කොහෙද රූපවාහිනිය ගොඩ දාන්නේ.. මම මේ සිද්ධිය මා හිතවත් ගරු ඇමැතිතුමෙකුටත් කීවා. මම මේ කතාව, ජනමාධ්‍ය ඇමතිතුමාට කීවානම් මෙයා එදාමයි ගෙදර යවන්නේ..මම ඒ නිසා කිවේ නෑ..
#කතාව 02;
මට ලැබුනු ආරාධනාවකට අනුව කරට කර වැඩසටහනට මම මෑතකදී රූපවාහිනීයට ගියා..වැඩසටහනට කල් ඇතුව ගිය නිසා කීප දෙනෙක් එක්ක කතා කරන්න අවස්ථාව ලැබුනා,මගේ හොද මිතුරන් කීප දෙනෙකුත් මට මුණ ගැහුනා .මම ඇහුවා කොහොමද අලුත් සභාපතිතුමා..හොදයිද කියලා..”මොන සභාපති ආවත් වැඩක් නෑ සර්…මේකේ වැඩ යන්නේ හිටපු සීයාගේ සහ මහින්දලගේ කස්ටිය යටතේනේ..මෙයාට ටිකක් කොන්ද පණ මදි මේක කරන්න..පොතේ ගුරෙක් වගෙයි පේන්නේ” ඔන්න ලැබුන උත්තර..මේ මගේ අද්දැකීම් දෙකක් විතරයි.
මේ නිසා මෙයා දැන් මොන හේතු පාදක කීවත් , මොහුගේ ඉල්ලා අස්වීමට ප්‍රධාන හේතුව ලෙස මම දකින්න්නෙ මොහුගේ කළමනාකරන නොහැකියාව බව මගේ හැගීමයි. තමාගේ නොහැකියාව මත ඉල්ලා අස්වු පලමු NPP සභාපති ලෙස මෙයා ඉතිහාස ගත වනු ඇත.
උපුටා ගැනිම අවසන්