එක්දින, විස්සයි විස්ස සහ ටෙස්ට් යන ක්‍රිකට් ආකෘති තුනෙන් ම ලකුණු 1860ක් වාර්තා කරමින් ගෙවුණු 2024 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු කුසල් මෙන්ඩිස් සමත් වී තිබෙනවා.

ශ්‍රී ලංකා පිතිකරුවෙක් වසරේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වන්නේ 2014 වසරේ දී කුමාර් සංගක්කාර ලකුණු 2813ක් ලබා ගැනීමෙන් පසුව දස වසරකට පසුව වීම විශේෂත්වයක්.

එම ලැයිස්තුවේ දෙවැනියා බවට පත්ව සිටින්නේ අසල්වැසි ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ යොවුන් ක්‍රීඩක යසශ්වි ජයිෂ්වාල් වන අතර ඔහු වාර්තා කර ඇති ලකුණු සංඛ්‍යාව 1771ක්.

එම ලැයිස්තුවේ තෙවැනියා බවට ශ්‍රි ලංකා පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 1696ක් ලබා ගනිමින් පත්ව සිටිනවා.

මීට අමතරව ගෙවුණු වසරේෙක්දින ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු ලාභින් තිදෙනා වාර්තා වන්නේ ද ශ්‍රී ලංකා කණ්ඩායමෙන් වීම විශේෂත්වයක්.

ඒ අනුව එම ලැයිස්තුවේ පළමු වැන්නා බවට කුසල් මෙන්ඩිස් පත්ව සිටින අතර ඔහු වාර්තා කර ඇති එක් දින ක්‍රිකට් ලකුණු සංඛාව 742ක්.

එහි දෙවැන්නා බවට ලකුණු 694ක් ලබා සිටින පැතුම් නිස්සංක පත්ව සිටින අතර තෙවැන්නා බවට පත්ව සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම්වල නායක චරිත් අසලංකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here