සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් “කුඩු සළිඳු” රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත නිදහස් කරන ලෙස පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර නියෝග කර තිබෙනවා.

එකී ශරීර ඇප වලට අමතරව සැකකරු වෙත දැඩි ඇප කොන්දේසිද නිකුත් කර ඇත.

සැකකරු 2023 මාර්තු මස 15 දින මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙනවිත් අංක 96863 සහ 85145/22 දරණ නඩුවලට අදාලව රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිට පානදුර මහාධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මෙසේ ඇප මත නිදහස් කරන ලදි.

ත්‍රස්තවාදී ක්‍රියා සිදුකිරීම සහ මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇති බවට ඔහුට එරෙහිව චෝදනා නගා තිබුණි.

නීතිඥ ජාලිය සමරසිංහ , ජයබදු කළුපහන, හේමන්ත කුමාර ,අශෝක ධර්මරත්න, බී ඒ ආර් බමුණුසිංහ, ශානිකා කාරියවසම්, සංජුලා සුරවීර සහ එච් කේ කේ හීනටිගල යන නීතිඥ මහත්ම මහත්මීන් විත්තිය වෙනුවෙන් පෙනීසිටින ලදී.

නඩුව 2025 පෙබරවාරි 10 දින යලි කැදවීමට නියමිතව ඇත.

(සම්පත් කුලරත්න -කළුතර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here