කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද නැවත වතාවක් වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබෙනවා.
ඒ අනුව දිනය තුළ ඒකක 169.53 ක වර්ධනයක් වාර්තා කිරීමට සියලු කොටස් මිල දර්ශකය සමත් වූ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 14,205.34 ක් ලෙසින් සටහන් වී ඇති බවයි සඳහන් වෙන්නේ.
මෙය මේ දක්වා ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය වාර්තා කර ඇති ඉහළම අගය ලෙසයි සටහන් වෙන්නේ.
මේ අතර S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 57.99කින් ඉහළ ගොස්, දිනය අවසානයේ දී ඒකක 4,244.45 ක් ලෙසින් වාර්තා වූ අතර, රුපියල් බිලියන 6.14 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වී තිබෙනවා.