බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 101කින් ජයගැනීමට සංචාරක බංගලාදේශ කණ්ඩායම සමත් වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 164ක්.

ඊට පිළිතුරු ලෙස බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 146ක් පමණයි.

කොදවේ පළමු ඉනිමට වඩා ලකුණු 18ක් ඉදිරියෙන් සිට තම දෙවන ඉනිම ආරම්භ කළ බංගලාදේශය සියලු දෙනා දැවි ලකුණු 268ක් ලබාගත්තා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 286ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට සියලු දෙනා දැවි ලබාගැනීමට හැකි වූයේ ලකුණු 185ක් පමණයි.

ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය එකට – එකක් ලෙස සම තත්ත්වයෙන් නිමාවට පත් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here