රථවාහන තදබදය නිරීක්ෂණය කිරීමේ කටයුතු සඳහා අද (02) සිට යළිත් ඩ්‍රෝන කැමරා යොදවන බව පොලිසිය පවසනවා.
ඒ අනුව කොළඹ හා තදාසන්න ප්‍රදේශවල එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ.
වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.