අද දින සිට කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට සතොස ජාලය හරහා සහල් සහ පොල් බෙදාහැරීම ආරම්භ කළ බව ලංකා සතොස සභාපති, ආචාර්ය සමිත පෙරේරා පවසනවා.

ජනාධිපතිතුමාගේ මැදිහත්වීම මත, රාජ්‍ය වතුවලින් රුපියල් 120 කට පොල් ලබාගන්නා බවත්, ඒවා රුපියල් 130 කට සතොස ශාඛා මගින් බෙදාහැරීම ආරම්භ කර ඇති බවත්, එක් පාරිභෝගිකයෙකුට එක් වරකට පොල් ගෙඩි තුනක් ලබා ගත හැකි බවයි ඔහු පවසා සිටියේ.

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් පමණ සතොස ගබඩාවලට ලබාගනිමින් පවතින බවත්, නාඩු සහල් රුපියල් 220 ක පාලන මිලකට ලබාදෙන බවත් සභාපතිවරයා සඳහන් කළා.

සතොස මඟින් රුපියල් 220 ට නාඩු සහල් ලබාදෙන බැවින්, සතොසෙන් අඩු මිලට සහල් රැගෙන වැඩි මිලට විකිණීම නැවැත්වීම සඳහා එකවරකට සහල් කිලෝ පහක් පමණක් ලබාදෙන බවයි ඔහු පවසා සිටින්නේ.

මුළු සතොස ජාලයටම භාණ්ඩ ලැබීමට දිනක් හෝ දෙකක් පමණ ගතවනු ඇති බවත්, කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට අඩුවකින් තොරව නාඩු සහල් සහ පොල් ලබා දීමට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවයි සතොස සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here