ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් උතුරු පලාතේ පසුගිය දිනවල පැවති ගංවතුරෙන් විවිධ දුෂ්කරතාවන්ට පත් ජනතාවට සහන සැලසීමට පියවර ගෙන ඇත.

මහ කොමසාරිස් කාර්යාලය වෙනුවෙන් යාපනයේ ඉන්දීය කොන්සල් ජෙනාරාල් ශ්‍රී සායි මුරලි මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා විසින් පසුගිය 07 වැනිදා මෙම සහනාධාර බෙදා දීම සිදු කර ඇත.‍

මෙහිදි , මන්නාරම පේසාලෙයි සහ වෙල්ලන්කුලම් ගම්මානවල මෙන්ම මුලතිව් හි තුනුක්කායි සහ මන්තායි නැගෙනහිර ප්‍රදේශවල පවුල් 2100කට අත්‍යවශය ද්‍රව්‍ය බෙදාදීම සිදු කෙරිණි.

පවුල් සඳහා අවශ්‍ය වන පැදුරු සහ පොරවන රෙදි සහනාධාරද මෙම පැකේජයට ඇතුළත් වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here