උත්සව සමයේ රිය අනතුරු අවම කර ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ රථවාහන මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ බුද්ධික මනතුංග මහතා පැවසීය.
වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි එය ක්‍රියාත්මකය.
ගතවූ පැය 24තුළ බීමතින් රියධාවනය කළ පුද්ගලයන් 251දෙනෙකු ඇතුළත්ව අනෙකුත් මාර්ග නීති උල්ලංඝනය කළ රියදුරන් 8,747නෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇත.
එසේම පසුගිය පැය 24 තුළ දිවයිනේ කිසිදු මාර්ග රිය අනතුරක් සිදුව නොමැති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.
මෙම විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක වන කාලසීමාව තුළ අපරික්ෂාකාරී හා නොසැලකිලිමත් ලෙස හෝ මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනයේ යෙදෙන වාහන සම්බන්ධයෙන් ‘119’ හෝ 1997 අංක වෙත තොරතුරු ලබාදීමට හැකිය.