බටහිර අප්‍රිකානු රටක් වන ගිනියාවේ පාපන්දු තරගයක් අතරතුර ඇති වූ ගැටුමකින් 100කට අධික පිරිසක් මියගොස් තිබෙනවා.

නෙසෙරෙකොරේ හි එම පාපන්දු තරඟය පැවති අතර අදාළ ගැටුම හටගත්තේ කුමන හේතුවක් මතද යන්න අනාවරණයවී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත්, පාපන්දු තරගයේ විනිසුරුවරයෙකුගේ තීරණයකින් පසු ක්‍රීඩා ලෝලීන් තණතීරුවට පැමිණීම තුළීන් මෙම ගැටුම හටගත් බවට සහ දේශපාලනික මතවාදී තත්ත්වයක් අනුව මෙම ගැටුමට හේතු ලෙස මේ වනවිට වාර්තා වී තිබෙනවා.

ගැටුමෙන් අනතුරුව ක්‍රීඩාංගණයේ මෙන්ම එහි පිටත වීදියේද පුද්ගලයින් මියගොස් සිටි බව සදහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here