දෝහා හි සිට ප්‍රංශයේ පැරිස් නුවර බලා පියාසර කරමින් තිබූ ගුවන්යානයක් තුළදී හදිසි රෝගී තත්ත්වයකට පත් වූ ශ්‍රී ලාංකික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කටාර් එයාර්වේස් ගුවන් සමාගමට අයත් අදාළ යානයේ සිටි එම කාන්තාව රෝගී තත්ත්වයට පත්වීම හේතුවෙන් යානය ඉරාකයේ අර්බිල් ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත හදිසි ගොඩබැස්සවීමකට ද ලක් කළ බවයි වාර්තා වන්නේ.

සිදුකළ පූර්ව දැනුම්දීම්වලට අනුව වෛද්‍ය කණ්ඩායම් ද ගුවන්තොටුපොළ වෙත කැඳවා තිබූ නමුත්, ඒ වන විටත් ඇය මියගොස් සිටි බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ප්‍රංශයේ රැදී සිටි 81 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක්.

ප්‍රංශ ජාතිකයෙකු වන ඇයගේ පුත්‍රයාට මේ සම්බන්ධයෙන් දැනුම්දීමට අර්බිල්හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය කටයුතු කර තිබුණා.

මළ සිරුර ප්‍රංශය වෙත රැගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීමට නියමිතයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here