චීන රජයේ ප්‍රදානයක් ලෙස ලැබුණ පාසල් නිල ඇදුම් තොගය චීන තානාපති කී ෂොංග් හොංග් මහතා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත සංඛේතාත්මකව කොළඹ වාරායේ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේදී අද (10) භාරදුන්නා

2025 වර්ෂයේ පාසල් නිල ඇදුම් අවශ්‍යතාව සම්පූර්ණයෙන් ප්‍රදානය කිරීම පිළිබඳව අගමැතිනිය චීන රජයට ස්තූතිය පළකළා.

2025 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවය රෙදි මීටර මිලියන 11,817 ක් වන අතර පාසල් නිල ඇඳුම් දීමට නියමිත සිසුන් ගණන 4,640,086 ක්.

ඒ අනුව 2025 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් මුළු අවශ්‍යතාවය ප්‍රදානයක් ලෙස මහජන චීනය පරිත්‍යාග කළා

නෞකා වර තුනකින් අදාල රෙදි ප්‍රමාණය මෙරටට ලැබෙන අතර පළමු සහ දෙවැනි නෞකා වාර මේ වන විටත් ශ්‍රී ලංකාවට ළගා වී තිබේ. තුන්වැනි නැව්වාරය එළැබෙන දෙසැම්බර් 25 වන දින මෙරටට ළගාවීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here