මෙම වසරේ නොවැම්බර් මස අවසානය වන විට චීන විදේශ විනිමය සංචිතය ඇ.ඩො ට්‍රිලියන 3.2659ක් වූ බව එරට නිල දත්ත වාර්තාවල සඳහන් වනවා

එය ඔක්තෝබර් මස අග සිට ඩොලර් බිලියන 4.8 කින් නොහොත් 1.15%කින් ඉහළ යාමක් බවයි පැවසෙන්නේ.

මුදල් පරිවර්තනය සහ වත්කම් මිලෙහි වෙනස්වීම් වැනි සාධකවල ඒකාබද්ධ බලපෑම් හේතුවෙන් චීනයේ විදේශ විනිමය සංචිත පසුගිය මාසයේ දී ප්‍රසාරණය වූ බව එම නිවේදනයේ දැක්වේ.

චීනයේ ආර්ථික ප්‍රකෘතිය වේගවත් වෙමින් පැවතීමත්, වෙළඳපොල විශ්වාසය ද වැඩිදියුණු වෙමින් පැවතීමත්, රට තුළ විදේශ විනිමය සංචිතවල ස්ථායී පරිමාණය පවත්වා ගැනීමට උපකාරී වන බව චීන විදේශ විනිමය පිළිබඳ රාජ්‍ය පරිපාලන බලධාරීන් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here